THE INTERNET : බ්‍රව්සරය තුලම දුවන අලුත්ම යූටොරන්ට් වර්ෂන් එක

uTorrent ලෝකයේ ජනප්‍රියම බිට්-ටොරන්ට් මෘදුකාංගයයි. මේ වනවිට  යූටොරන්ම් භාවිතා කරන්නන් මිලියන 150ක් පමණ සිටින අතර දැනට මෙහි තුන්වන සංස්කරණය එලිදක්වා සෑහෙන කලක් ගතවී ඇත.

යූටොරන්ට් නිර්මාතෲ බ්‍රැම් කෝහ්න් පවසන අන්දමට යූටොරන්ට් මෘදුකාංගයේ අලුත්ම සංස්කරණයක් ලඟදීම එලිදැක්වෙන අතර මෙය ස්වායත්ත මෘදුකාංග ආකෘතියෙන් මිදී බ්‍රව්සරය තුලම බව්සර් දිගුවක් (browser extension) ලෙස ක්‍රියාත්මක වන සංස්කරණයක් වනු ඇත.

නව යූටොරන්ට් සංස්කරණය ඕනෑම බ්‍රව්සරයක් තුල ධාවනය වන ලෙස නිර්මාණය කොට ඇති අතර අලුත්ම බ්‍රව්සර් තාක්ෂණය හා HTML 5 වෙබ් භාෂාවේ ඇති නවතම පහසුකම් භාවිතා කරන මෙම යූටොරන්ට් සංස්කරණය ටොරන්ඩ් බාගත කරන්නන්ට නව පහසුකම් රැසක් ලබදෙනු ඇත.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________



Comments