ELECTRIC CAR TECHNOLOGY : ප්‍රහාරක ජෙට්යානා වල තාක්ෂණයෙන් නිර්මිත Porsche සමාගමේ Mission E ඉලෙක්ට්‍රික් සුපර් කාරය


ජර්මනියේ පෝර්ෂෙ සුපිරි කාර් සමාගම ඉලෙක්ට්‍රික් සුපිරි කාරයක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. 2015දී දී ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් රථ ප්‍රදර්ශණයේදී මුල්වරට ප්‍රකාශයට පත්කල මෙම මෝටර් රථයේ නිර්මාණ කටයුතු දැන් අවසන්ව ඇති අතර 2019/2020 වර්ශවලදී වෙළඳපොලට නිකුත් කිරීමටයි දැන් පෝර්ෂෙ සමාගම සූදානම් වන්නේ.

මෙම රථයේ අඩංගු කොට ඇති සමහර රියැදුරු සහයක (driver assist) තාක්ෂණයන් දැනට අති නවීන ප්‍රහාරක ජෙට් යානාවල නියමුවන්ගේ සහයට යොදාගැනෙන තාක්ෂණයන් බව වාර්තාවෙනවා. 

0-100km/h වේගයක් තත්පර 3.5කදී ලඟාකරගත හැකි මෙම රථයේ ඉලෙක්ට්‍රික් මෝටර් අශ්වබල 600ක ජවයක් ජනනය කරනවා.  250km/h උපරිම වේගයක් මෙන්ම එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 500ක දුරක් ධාවනය කිරීමටද මෙම කාරයට හැකියාව තිබෙන බවයි ජර්මනියෙන් වාර්තා වන්නේ.

Mission E ලෙස නම් තබා ඇති මෙම රථයේ ඉදිරිපස ඇක්සලයේ හා පසුපස ඇක්සලයේ මෝටර් එකක් බැගින් මෝටර් දෙකකින් බලගැන්වෙනවා. පෝර්ෂෙ සමාගම නිර්මාණය කල Torque Vectoring System   තාක්ෂණයෙන් රථයේ රෝද 4ට වෙන වෙනම ව්‍යවර්තක බලය (torque) යොදවන්නට රථයේ පරිගණකයට හැකියි.

Advanced Lithium-ion බැටරි තාක්ෂණයෙන් මෙහි බැටරි නිර්මාණය කොට ඇති අතර රැහැන් රහිතව induction charging ක්‍රමයට මෙන්ම සාමාන්‍ය ක්‍රමයට පේනුවකට සවිකොටද මෙය චාර්ජ් කරගත හැකියි. 

මෙම රථය පැති කණ්නාඩි නොමැතිව නිර්මාණය කොට ඇති අතර, එම ස්ථානවල ඇති කැමරා මගින් ගන්නා රූප වින්ඩ්ෂීල්ඩ් එකෙහි පහල වම් හා දකුණු කෙලවරවල ඇති තිරවලට යොමුවේ.

රියදුරා රථය ධාවනය කරන අතරතුරු ඩෑෂ් බෝර්ඩ් එකෙහි ඇති උපාංගයක් (උදා: රේඩියෝව ) ක්‍රියාතමක කරන්නට අවශ්‍යනම් එම උපාංගය දෙස බැලීම පමණක් සෑහේ. කාරයේ පරිගණකයට සවිකොට ඇති "eye tracking" තාක්ෂණය මගින් රියැදුරාගේ දෑස් යොමුවන ස්ථානය හඳුනාගෙන එම උපාංගය ක්‍රියාත්මක කරන මෙනුව රථයේ ප්‍රධාන තිරයට ගෙන ඒ. එවිට සුක්කානමේ ඇති බොත්තමක් තද කිරීමෙන් එම උපාංගය ක්‍රියාත්මක කිරීමට රියැදුරාට හැකිය. දැනට මෙවැනි අයි ට්‍රැකින් තාක්ෂණයන් යොදා ගැනෙන්නේ ප්‍රහාරක ජෙට් යානාවලය

රථයේ දොරවල් 4ක් ඇති අතර ඒවා විවරවන අපූරු ආකාරය ඔබට පහල ඡායාරූපයේ දැකිය හැකිය.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments