ලඟදීම එනවා: අමිහිරි මතකයන් DELETE කිරීමේ හැකියාව



පෙමවතා/පෙම්වතිය හැරයාමෙන් ඇතිවූ අමිහිරි මතකයන් ගෙන් පීඩා විඳිනවාද? අමිහිරි ළමාවියේ කුරිරු මතක සටහන් තවමත් වද දෙනවාද?

සහනය ලඟදීම!

දැනට අමිහිරි මතකයන් මකා දැමීම විද්‍යා ප්‍රබන්ධවලට සීමාව තිබුණත්, නොබෝ දිනකින්ම මෙම අමිහිරි මතකයන් සදහටම මකාදැමිය හැකිවන බව විද්‍යාඥයින් පවසනවා. අමිහිරි මතකයන් රඳාගන්නා නියුරෝන විනාශකර දැමීමේ ක්‍රමයක් මීයන් ආශ්‍රයෙන් කල පර්යේෂණවලින් සොයාගෙන තිබෙන අතර ඒ අනුව, නුදුරු අනාගතයේදී මිනිසුන්ගේ අමිහිරි මතකයන්ද මකා දැමීමට හැකිවනු ඇති.

එපමණක් නොව යුධ බිමේ සිට ආපසු පැමිණෙන යුධ සෙබළුන් හට දැඩි මානසික පීඩා ගෙන එන post-traumatic stress disorder (PTSD)  නම් දැඩි ආතතියෙන් පසු ඇතිවන මානසික ව්‍යාධියට මෙන්ම මත්ද්‍රව්‍ය ඇබැහියෙන් මිදීමටද මෙම තාක්ෂණය භාවිතා කල හැකි බව පැවසෙනවා.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments