රුසියාවේ හා චීනයේ සුපිරි යුධ සෙබලුන් නිර්මාණය කිරීමේ සැළසුම් පෙන්ටගනය බියපත් කරයි!



Enhanced Human Operations (EHO) යනු අධිතාක්ශණික උපක්‍රම ආධාරයෙන් යුධ සෙබළුන් ශාරීරිකව හා මානසිකව වැඩිදියුණු කිරීමයි. සිරුරේ ශක්තිය වැඩි කිරීමට, සංස්ථිති ශක්තිය (endurance) වැඩිදියුණු කොට වෙහෙසට පත්වීම වැලැක්වීමට, නිදිමත නැතිකිරීමට, අඳුරේ පෙනීමේ හැකියාව වැඩිකිරීමට ආදීවශයෙන් විවිධාකාරයෙන් මිනිස් සිරුර හා මොලය වෙනස් කිරීම් වලට භාජනය කිරීමේ පර්යේෂණ රුසියානු හමුදාවන් හා චීන හමුදාවන් සිදුකරමින් යන අතර ඉතා දියුණු අඩියකට පැමිණ ඇති මෙම පර්යේෂණ නිසා පෙන්ටගනය කළබලයට පත්ව ඇතිබව "පොපියුලර් මිකැනික්ස්" සඟරාව සිය අලුත්ම කළාපයෙන් හෙලිකර සිටිනවා.

වැඩිදියුණු කල සෙබලුන් බිහිකිරීම සඳහා චීනය හා රුසියාව සිදුකරන පර්යේෂණ පිලිබඳව වැඩි තොරතුරු නැතත් දැනට ඉදිරිපත්ව ඇති කල්පිතවල (concepts) අනුසාරයෙන් චීනුන් හා රුසියානුවන් සිදුකරන පර්යේෂණ පිලිබඳව යම් අදහසක් ලබාගත හැකිවනවා.



මයෝස්ටැටින් පාලනයෙන් සුපිරි ශක්තියක් ඇති මිනිසුන් බිහිකිරීම

මයෝස්ටැටින් යනු සිරුරේ මාංශපේෂි වර්ධනය පාලනය කරන ප්‍රෝටීන වර්ගයක. දුර්ලභ ආවෙණික රෝගයක් වන මයෝස්ටැටින ඌණතාවයෙන් පෙලෙන ගවයන් හා සුනඛයින් ආධාරයෙන් කරන ලද පර්යේෂණ වලදී මයෝස්ටැටින ප්‍රෝටීනය පාලනය කිරීමෙන් මාංශපේෂිවල සුවිෂාල වර්ධනයක් ඇතිකල හැකිබවත්, ඒ අනුව මයෝස්ටැටින් ඉන්හිබිටර්ස් හෙවත් මයෝස්ටැටින නිපදවන ජාන නිලීන කිරීමෙන් අතිශය ශක්තිසම්පන්න (විශාල මස්පිඩු ඇති ) සුපිරි මිනිසුන් බිහිකල හැකි බවත් පැවසෙනවා.

ACTN3 ජානය ක්‍රියාත්මක කරවීමේ සුපිරි වේගයක් ඇති මිනිසුන් බිහිකිරීම

ACTN3 යනු මිනිස් ජාන පද්ධතියේ ඇති අපූර්ව ජානයකි. ස්පීඩ් ජීන් හෙවත් අධිවේගී ජානය ලෙස හැඳින්වෙන මෙය ලොව සියලුම ධාවනශූරයින් තුල වැඩියෙන් ක්‍රියාශීලී ජානයකි. ඒ අනුව එම ජානය ක්‍රියාත්මක කරවීම වැඩිකිරීමෙන් මිනිසුන් අධිවේගී ධාවකයින් කල හැකිබව කල්පිතයකි.

Erythropoietin හෝමෝනය වැඩි කිරීමෙන් සුපිරි සංස්ථිති ශක්තියක් ලබාදීම

වකුගඩු මගින් නිපදවෙන එරිත්‍රෝපොයිටින් හෝමෝනය රුධිරයේ රතුරුධිරාණු වැඩිකිරීම සිදුකරයි. සමහර පුද්ගලයන් සතුව එරිත්‍රෝපොයිටින් හෝමෝනය ශ්‍රාවය කිරීම වැඩිවීමේ ස්වභාවයක් උපතින්ම ලැබී ඇති නිසා ඔවුනට ඉතාවිශාල කාලයක් දැඩිලෙස වෙහෙස ගෙන එන කාර්යයන් වල නිරතවිය හැකිය. උදාහරණයක් ලෙස දියයට හුස්ම නොගෙන සිටිහැකි කාලය දෙගුණයකින් වැඩිකල හැකිය. මෙම ජානය සාමාන්‍ය මිනිසුන් තුලද ක්‍රියාත්මක කිරීම මගින්, ඔවුන්ගේ එරිත්‍රෝපොයිටින් ශ්‍රාවය වැඩිකොට සුපිරි සංස්ථිති ශක්තියක් ඇති සෙබලුන් බිහිකල හැකිබවට කල්පිතයක් පවතී.
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!





Comments