ඇමරිකාව හා බටහිර යුරෝපය මොහොතකින් ගල්යුගයට යැවිය හැකි අවියක් රුසියාව, චීනය හා උතුරු කොරියාව නිපදවිමින් සිටී!
කුමක්ද මේ භයානක අවිය?
එය ඉලෙක්ට්රෝමැග්නටික් පල්ස් වෙපන් (electromagnetic pulse weapon) නමින් හඳුන්වන විශේෂ වර්ගයේ න්‍යෂ්ඨික බෝම්බයක්.
එය ඉලෙක්ට්රෝමැග්නටික් පල්ස් වෙපන් (electromagnetic pulse weapon) නමින් හඳුන්වන විශේෂ වර්ගයේ න්‍යෂ්ඨික බෝම්බයක්.
ක්‍රියාකරන්නේ කොහොමද?
ඕනෑම න්‍යශ්ඨික පිපිරීමකදී ඉතා අධික විද්‍යුත් ඡුම්භක තරංග මාලාවක් පිටවෙනවා. විශේෂයෙන්ම අතිවිශාල ගැමා කිරණ ප්‍රමාණයක් පිටකරනවා. මේ ගැමා කිරණ වල එක් අතුරු ප්‍රථිපලයක් වන්නෙ එය ඉලෙක්ට්‍රොනික පරිපථයකට ඇතුලු වූ විට එයතුල අධික විශාල විද්‍යුත්ගාමක බලයක් ඇතිකිරීමයි. මේ අධික විද්‍යුත්ගාමක බලය හරියටම අකුණක් වැදුනා හා සමාන වන අතර මෙමගින් ඉලෙක්ට්‍රොනික පරිපථය විනාශ වී යනවා.
1962 හයිඩ්රජන් බෝම්බ පිපිරවීම.
1962වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව පැසිෆික් සාගරය ඉහලින් පර්යේෂණයක් සඳහා හයිඩ්රජන් බෝම්බයක් පුපුරවා හැරියා. තත්පර කිහිපයකට පසු සැතපුම් දහස්ගණනක් ඈති තිබූ අමෙරිකාවට අයත් හවායි දිවයිනේ විදුලිය ඇණහිටියා. පසුව කල සොයාබැලීම් වලදී හෙලිවුනේ හයිඩ්රජන් බෝම්බය පිපිරවීමෙන් හටගත් විශාල ගැමා කිරණ නිකුත්වීම හවායි දූපතේ විදුලිය ඇණහිටීමට හේතුවූ බවයි.
EMP අවියකින් අමෙරිකාව හෝ බටහිර යුරෝපය ගල් යුගයට ගෙනයා හැක්කේ කෙසේද?
ඊ.එම්.පී අවියකින් සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශකරන අතර විදුලිබල ජනන හා සම්ප්‍රේෂණ පද්ධතිය විනාශකර දමයි.
මෙහි ප්‍රථිපලය?
අමෙරිකානු කොන්ග්රස් මණ්ඩලයට අනුබද්ධ EMP තර්ජනය පිලිබඳව වාර්තාකිරීමට පත්කොට ඇති කොමිසමේ නිගමන වලට අනුව අමෙරිකාවට සිදුවිය හැකි විනාශය පහත දැක්වේ.
1. අමෙරිකාව පුරා විදුලිබලය ඇණහිටීමෙන් සියලු නිශ්පාදන ක්‍රියා ඇණහිටියි.
2. අන්තර්ජාලය හා ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන පද්ධති විනාශවී යාමෙන් සියලු පණිවුඩ හුවමාරු කටයුතු ඇණහිටියි.
3. සියලු පරිගණක අක්රියාවී, දෘඩතැටි (Hard Disk) වල ඇති දත්ත මැකී යාමෙන් සියලුම ආකාරයේ බැංකු ගනුදෙනු හා කාර්යාලකටයුතු මුලුමණින්ම ඇණහිටියි.
4. අද දවසේ සියලු මගී ප්‍රවාහන ගුවන්යානා පරිගණක මගින් ක්‍රියාත්මක වන අතර ඕනෑම මොහොතක අමෙරිකානු අහසේ මගී ප්‍රවාහන ගුවන්යානා 3000-4000 අතර ප්‍රමාණයක් පියාසර කරමින් තිබේ. මේ සියලු ගුවන් යානා EMP ප්‍රහාරයකින් විනාඩි දෙක තුනක් ඇතුලත පරිගණක හා එන්ජින් අක්‍රියවී පොලොවට කඩාවැටෙනු ඇත. ලක්ශයකගේ පමණ ජීවිත ගුවන්යානා කඩාවටීමෙන් පමණක් අහිමිවනු ඇත.
5. අමෙරිකාව පුරා සියලු රෝහල් අක්‍රියවෙයි. රොගීන්ට ප්‍රතිකාර කරන සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශවී යන අතර, විදුලිය ඇණහිටීමෙන් ශීතකරණවල ඇති වටිනා ඖෂධ සියල්ල විනාශවී යයි. ජලසැපැයුමද අක්‍රියවී යනු ඇත.
6. සියලුම වර්ගවල පෞද්ගලික වාහන හා වානිජ වාහන (ට්‍රක් රථ, දුම් රිය ) යනාදිය පණගැන්විය නොහැකි ලෙස අක්‍රියවේ. මෙයට හේතුව අලුත් වාහන වල ඇති සියලු ඉලෙක්ට්‍රොනික උපාංග EMP තරංගය නිසා විනාශවී යාමයි. මේ අනුව අමෙරිකාව පුරා භාණ්ඩ ප්‍රවාහනය හා මගී ප්රවාහණය ඇණ හිටියි.
7. පොලිසිය හා ත්‍රිවිධ හමුදාව මුලුමණින්ම අක්‍රියවී යයි. පණිවුඩ හුවමාරු ඇණ හිටීම, වාහන, ගුවන්යානා, හෙලිකොප්ටර් අක්‍රිය වීමෙන් අමෙරිකානු පොලීසිය හා ත්‍රිවිද හමුදාව කරකියාගත දෙයක් නොමැති ලෙසට අක්‍රියවී යනු ඇත.
මේ හේතුවලින් අමෙරිකාව පුරාම කිසිලෙසකත් පාලනය කරගත නොහැකි ආකාරයට කැරලිකෝලහාල, මංකොල්ල කෑම්, මිනීමැරීම පැතිරී යනු ඇත. මීට වසර කිහිපයකට පෙර නිව්යෝක් නගරයේ හදිසි විදුලිය ඇණහිටීමක් නිසා මුලු නගරයම කැරලි-කෝලහාල හා මංකොල්ලකෑම් නිසා අරාජික වූ අතර නීතිය හා සාමය රැකීමට යුදහමුදාව යොදවා දුටුතැන වෙඩිතබන නියෝග පවා නිකුත් කරන්නට සිදුවිය.
නීතිය හා සාමය රැකීමට හමුදාව හා පොලිසිය නොමැතිවූවිට කුමක් සිදුවේදැයි සිතාගත හැකිද?
මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ අමෙරිකානු මධ්‍යම රජයට හා ප්‍රාන්ත රජයන්වල පාලනයෙන් රට ගිලිහීගොස් මහා ව්‍යසනයක් සිදුවීමයි.
මෙවැනි පූර්ණ විනාශයක් ඇමරිකාවට අත්කරදිමට අවශ්‍ය වන්නේ එකම එක න්‍යශ්ඨික බෝම්බයක් පමණක් බව ඔබ දන්නවාද? (අමෙරිකානු රජය මෙය හොඳින් දනී)
ඇමරිකාවේ හදවත ලෙස හැඳින්වෙන මිඩ්වෙස්ට් (Midwest) ප්‍රදේශයට ඉහලින් සැතපුම් 300ක් ඉහල අහසේ මෙවැනි බෝම්බයක් පුපුරවා හැරීමෙන් මුලු අමෙරිකාවම අඩපණකොට දැමිය හැකිය.
රුසියාව, චීනය හා උතුරු කොරියාව
මෙවැනි න්‍යශ්ඨික බෝම්බ හා ඒවා අමෙරිකාවට ඉහල අහසට ගෙනයා හැකි මිසයිල දැනටමත් රුසියාව හා චීනය සතුව ඇති අතර උතුරු කොරියාව දිවා රෑ නොබලා, සිය ජනතාව බඩගින්නේ තබමින් මෙවැනි න්‍යශ්ඨික බෝම්බ හා ඒවා රැගෙන යාමට මිසයිල නිදවීමට වෙහෙසෙයි.
ඉරානය හා උතුරු කොරියාව වැනි රටවල් න්යස්ඨික අවි හා දිගු-දුර මිසයිල නිපදවනවාට අමෙරිකාව මෙතරම් විරුද්ධවන්නට එක හේතුවන් වන්නේ මේ EMP තර්ජනයයි.
සටහන :
මාගේ එක් ලිපියකට කොමෙන්ටුවක් තැබූ කසුන් චාමර නම් සහෘදයෙක් " Need for Speed " පරිගණක ක්‍රීඩාවේ එන EMP නම් තාක්ෂණික උපක්‍රමය ගැන ලිපියක් ලියන ලෙස ඉල්ලීමක් කොට තිබුණා. ඔහුගේ ඉල්ලිම ඉටුකරන්නට EMP ගැන අන්තර්ජාලයේ තොරතුරු සොයනවිටයි EMP අවිය ගැනත්, ඒයින් සිදුලක හැකි විනාශය ගැනත්, ඒ පිලිබඳව අමෙරිකානු කොන්ග්රස් මණ්ඩලය හා අමෙරිකානු ජනාධිපති අපේක්ශකයින් පවා දක්වන උනන්දුව ගැනත් තොරතුරු ලැබුනේ. EMP ගැන සොයන්නට මා උනන්දුකල කසුන් චාමරට මගේ ස්තූතිය .....
වැදගත් තොරතුරක්! ස්තූතියි ඔබට...
ReplyDeleteමේ පොස්ට් එක කියවනකං මේ ගැන දැනහෙන හිටියෙ නෑ.ගොඩක් වැදගත් ලිපියක්.
ReplyDeleteසුපිරි ලිපියක්. මට නම් විශාල දැණුමක් මින් ලැබුනා. ඒ අතර මට කියන්න තියන්නේ ඇයි මිනිසා තමන්ගේ දුයුණුවට යොදාගත හැකි මේ දැණුම මිනිසා විනාශ කිරීමට යොදා ගන්නේ. මේක පුදුම ලෝකයක්.
ReplyDeleteනියමයි.තුති වේවා
ReplyDeleteහොඳ ලිපියක්,
ReplyDeleteරුසියාව කාලෙකින් සද්දයක් නැතුව ඉන්නෙ ඒක නිසාද දන්නෑ.
හොද ලිපියක් ! ස්තුතියි
ReplyDeleteE-bombs ගැන මීට කලින් ලිපියකත් මා කියවා තිබුනා ඒ මීට අවුරුදු 5කට පමණ පෙර.. මේ වනවිට මේ අවි තවදුරටත් දියුණු කරලා ඇති..
ReplyDeleteඔය කව්රු කෙසේ කීවද ඇමෙරිකා සහ යුරෝපයට දෙන්න හදන ගේම් ඒ අය දන්නවා.ඒ අය අවදියෙන් සිටින්නේ.ඔබ කියන දේවල් වෙබ් අඩවි වලට දමන්නේ එම රටවලම සිට ඩොලර් /යුරෝ හම්බකරන කුහක අයමය්.එබැවින් කිසිවකු ඒ ගැන බියවිය යුතු නැත.ඔය රුසියාව,චීනය කියන්නේ සංවර්දනය වෙමින් පවතින රටවලට රිංගල ඒ රටවල් විනාස කරන රටවල් දෙකක්. ලංකාවට චීනය දැන් දෙන ටොෆියේ රසේ තේරෙන්නේ තව අවිරුදූ දහයකින් විතර පස්සේ. දැනටමත් ඉපදෙන්න ඉන්න ලමිය්නුත් චීනෙට නය ගෙවන්න බලාගෙන තමා ඉපදෙන්නේ.
ReplyDelete\\\ ඔබ කියන දේවල් වෙබ් අඩවි වලට දමන්නේ එම රටවලම සිට ඩොලර් /යුරෝ හම්බකරන කුහක අයමය්. \\\
Deleteමම කියන දේවල් කියන්නේ ඩොලර් කාක්කෝ නොව, අමෙරිකානු රිපබ්ලිකන් පක්ශයේ ජනාධිපති අපේක්ෂක නිවුට් ගින්ග්රිච් මහතා. එයා එහෙම කියන්නේ කොන්ග්රස් මණ්ඩලය විසින්ම පත්කරපු EMP Threat Assessment Commission කියන කොමිසමේ වාර්තා අනුවයි.
හැමදෙයකටම ඩොලර් කාක්කෝ, ඇන්ජීඕ කාරයෝ කියලා ලේබල අලවන්න ඉස්සෙල්ලා ටිකක් හොයලා බලන්න...
\\\ එබැවින් කිසිවකු ඒ ගැන බියවිය යුතු නැත \\\
බියවිය යුත්තේ අපි නොව ඇමරිකාවයි.....
\\\ ඔය රුසියාව,චීනය කියන්නේ සංවර්දනය වෙමින් පවතින රටවලට රිංගල ඒ රටවල් විනාස කරන රටවල් දෙකක් \\\
මෙය කිය යුත්තේ මට හෝ අපගේ පාඨකයින්ට නොව රජයේ ප්‍රතිපත්ති සකසන දේශපාලකයින්ටයි.
***** ඉතා වැදගත් ****** මෙය දැනුම බෙදන විද්‍යා හා තාක්ශණ වෙබ් අඩවියකි......කරුණාකර ඔබගේ කුණු දේශපාලනය මෙතනට ගෙන එන්නට එපා....
ඇයි අප බියවිය යුත්තේ? මම කියන්නම් ඇයි කියලා.
Deleteතුන්වන ලෝක යුද්ධය දැනටමත් ඊ යුද්ධයක් වීමට ඇති ප්රවණතා බොහෝයි. හොඳම උදාහරණය ස්ටක්ස්නෙට් වයිරසය. (ඒ එකක් විතරයි) අනිත් දේ මේ ලිපියෙන් කියවෙන දේ, බලන්න, ඔවුන් මිනිසුන් නෙවෙයි මරන්නේ. ඊ බෝම්බයකින් මිනිස්සු මරන්නේ හෙමින්.
ඒක පැත්තක තියමු. ස්ටක්ස්නෙට් වගේ වයිරස් එකකින් රුසියාව හරි ඇමරිකාව හරි වගේ රටකට නැත්නම් ඉන්දියාව වගේ රටකට හරි පහර දීලා ඒ රටක තියන එක බැලස්ටික් මිසයිලයක් න්‍යෂ්ටික යුධ ශීර්ෂය සමගින් අපි වගේ රටකට කරුමෙට ටාගට් කරලා අත්හැරියා නම්? (රැන්ඩම් පික් කළා නම්)
එක න්‍යෂ්ටික බලාගාරයක සෙන්ටර්ෆියුජ් ඒකට ෂොට් එක දුන්නා නම්? සුළඟ දිගේ පැතිරෙන න්‍යෂ්ටික කිරණ වලට ආ මේ ලංකාව එන්න එපා කියන්නද?
ඇඩෙනවා නේද?
From what I know US already has EM bombs. You can use a nuke with maximized EMP effect and also there are smaller EMP weapons that can take out electronics in a small area (military camp/convoy) without killing people.
ReplyDeleteBut protecting against EMP is easy. You just need to build the casing of your equipment completely using electric conductive metal. Thickness is not relevant. To my knowledge entire NORAD facility is built this way.
An EMP might take out most civilian systems but military grade systems will most probably have protection against EMP.
1] Yes US do have their own EMP bombs and missiles to deliver them
Delete2] Protecting against EMP is easy for a few military grade equipement - You cant EMP proof a country and its economy....that's what keeps Newt Gingrich awake at night it seems...
Anyways, thanks for commenting Rakhitha.....hope u'll keep coming back.. :)
තාක්ෂණික ලිපියක් මමත් කැමතියි.
ReplyDeleteනමුත් ලංකාවට තවම nuclear weapon එකක් තියා පතුරොම් කොපුවක්වත් හදා ගන්න බෑ.
ලෝකය විනාස කරන්න නම් මොකොතකින් පුළුවන් වේවි. නමුත් බඩගින්නේ මැරෙන මිනිස්සු ටිකවත් බේර ගන්න පුලුවන්නම් කොච්චර හොදද...
සිරාවටම කියන්නේ මචං මේකනම් සුපිරිම බ්ලොග් එකක්. තව තවත් ලියන්න. මගෙන් සුබ පැතුම්. සදා ජය.
ReplyDeleteලිපිය ගැන මගේ ප්‍රණාමය. ඒත් අනිතීමේ කිව්ව කාරනේට මම එකඟ නෑ.
ReplyDelete*/ උතුරු කොරියාව දිවා රෑ නොබලා, සිය ජනතාව බඩගින්නේ තබමින් මෙවැනි න්‍යශ්ඨික බෝම්බ හා ඒවා රැගෙන යාමට මිසයිල නිදවීමට වෙහෙසෙයි. /*
ඇමරිකානු මතය වන මේ මතයට වඩා තම නායකයාගේ වියෝවේදී ජනතාවගේ හැසිරීම ප්‍රකාශ කලේ වෙනත්ම දෙයක්. මද්‍යස්ථ මතධාරියෙක් ලෙස මම දකින්නේ මේ සත්‍යයි.
- කොමෙන්ටුවට ස්තූතියි -
Deleteඋතුරු කොරියාවේ දරුවන්ගේ මන්දපෝශණය ගැන ලිපියක් පහතින් ඇත. එය කියවන ලෙස ඉල්ලමි....
"Millions of North Korean children suffering from malnutrition, says UN"
Nearly a third of children under five show signs of stunted development because of food scarcity, according to agency
http://www.guardian.co.uk/world/2012/jun/12/north-korean-children-malnutrition-un?newsfeed=true
සහෝ මගේ ඉල්ලීමට කන් දීල.... එල ඒත් බන් අර අපිට EMP මැෂින් එකක් හදා ගන්න බැරි වෙයිද??? ඕක වගේම තියෙන කොයිල් ගන්(Coil Gun) රේල් ගන්(Rail Gun) මයික්‍රොවේව් ගන් එහෙම නං හම්බුනා.... EMP එක ගැනත් තියෙනවා ඒත් ඒක හරියට ඒම් එකකට ප්‍රොජෙක්ට් කරන හැටි හොයාගන්න අමාරු උනා.... පුලුවන්නං ඔන්න ඒක තමා දෙවනි ඉල්ලීම...
ReplyDeleteEMP අවියකින් නිකුත්වෙන ගැමා තරංගයක් නිර්මාණය කරගන්න එක ලේසි නෑ, ඒවාට ඉතා සංකීර්ණ උපකරණ ඕනෑ..විශේෂයෙන්ම මෙගාවොට් ගාණක බලශක්තියක් ඒනෑ වෙයි..ඒවගේම ගැමා කිරණ භයානක පිලිකා කාරකයක්.
Deleteඒත්, හොයලා බලන්නම්.....මමත් කැමතියි ඔයවගේ දෙවල් හොයලා බලන්න....
BTW, Why are you trying to create these high-tech weapons bro? Are you trying to start World War III? :)
මොන ලෝක යුද්ධද සහෝ..... තිබ්බ යුද්ධෙ ඇති.... ටෙක්නොලොජි ගැන දැනගන්න තියෙන ආසාවට ඇහුවෙ....ලියපු පෝස්ට් එක එල... ස්තුතියි.... :)
Deleteගොඩක් හොද ලිපියක්
ReplyDeleteලිපය හොදයි.මං යන්තමින් අහලා තිබුණා.ඒත් හොදටම තහවුරු කරගත්තේ අද.
ReplyDeleteඔව් ඔව්. ඔය හල්ක් කියන එකත් හැදෙන්නේ ගැමා කිරණ වලින්. කොහොම උනත් හොඳ ලිපියක් වගේම හොඳ බ්ලොග් එකක්. ඒත් ඕකෙන් වක්‍රව මියයන මිනිසුන් ගණන??????
ReplyDeleteහ්ම්ම් නොදන්නා දෙයක් ගැන දැනගත්තා.
ReplyDelete